
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලබා නොගත් නිවාඩු සඳහා දිරි දීමනාව මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුව අමතමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය වසර 21ක කාලයක් ක්‍රියාත්මක වූ මෙම දීමනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යෑමට එකඟතාවක් පැවති බවයි.
දැනට පාර්ලිමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව සිදු කෙරෙන බව සහතික කරන හොඳ කාර්ය මණ්ඩලයක් සිටින බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එම දිරි ගැන්වීමේ දීමනාව පිළිබඳ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය කථානායකවරයාට පැවරී ඇති බව සඳහන් කළ ප්‍රේමදාස මන්ත්‍රීවරයා එය මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අනුමත කරන ලෙස ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart