
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තානාපති කාමන් මොරේනෝගේ නායකත්වයෙන් යුත් යුරෝපීය සංගමයේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් ඊයේ කොළඹදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා පැවැත්වූහ.
යුරෝපා සංගම් දූත පිරිසට යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ASIAPAC.6 අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි; නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල්; යුරෝපීය කොමිසමේ ප්‍රතිපත්ති නිලධාරීන් වන ගයිඩෝ ඩොලාරා සහ බාර්ටොස් ව්ලැඩිස්ලාව් ඔටචෙල්; ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත ගලිජා අගිසේවා; සහ ප්‍රතිපත්ති නිලධාරී මයිකල් ඩොඩිනි ඇතුළත් විය.
සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලනික ගැටළු කෙරෙහි අවධානය යොමු වූ අතර, GSP+ වෙළඳ සහනයේ අනාගතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.
එක්සත් ජනපදය විසින් පනවා ඇති 44% ක තීරුබදුවල බලපෑම පියවා ගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු කරමින්, ශ්‍රී ලංකා අපනයන, විශේෂයෙන් ඇඟලුම් සඳහා වෙළඳපල ප්‍රවේශය පුළුල් කරන ලෙස සජිත් ප්‍රේමදාස මෙහිදී යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න යන අය ඇතුළු පිරිසක් ද රැස්වීමට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart