
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහර දී තුවාල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
තුවාලකරු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහුගේ එක් අතකට කඩු පහර වැදී තුවාල සිදු වී තිබෙන බවත් මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
තුවාල ලබා සිටින පුද්ගලයාගේ නිවෙසට පැමිණ මුලින්ම බැනවැදී ඇතැයි කියන සැකකරු මල් පෝච්චි කිහිපයක් ඔසවා පොළොවේ ගසා පසුව කඩුවෙන් පහර දී ඇති බවට මූළික විමර්ශනවල දී අනාවරණය වීයැයි පොලිසිය සඳහන් කරයි.
මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක්මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart