
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සහරාන්ගේ මස්සිනා ලෙස හඳුන්වන පුද්ගලයකු කාත්තන්කුඩි පොලිසිය විසින් මඩකලපුව – කලපලචේන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය මෙම වැටලීම සිදුකර තිබුණේ කලපලචේන ප්‍රදේශයේ නීති විරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට ලද තොරතුරක් අනුවය.
වැටලීමේදී සහරාන්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත්, කිසිදු නීති විරෝධී රැස්වීමකට තමන් සම්බන්ධ නැති බව ප්‍රකාශ කර ඇති සැකකරුවන් තමන් එම ස්ථානයේ කාඩ් සෙල්ලම් කළ බව සඳහන් කර තිබේ.
සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.
මඩකලපුව කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී කේ.එම්.ඒ.බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිසිංහගේ උපදෙස් මත කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගජනායක ඇතුළු කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart