
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට අද පෙරවරුවේ ජාතික ජන බලවේගය සමත් විය.
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 48 දෙනෙක් පත්විය.
ඒ අනුව බහුතරය නියෝජනය පැවැතියේ විරුද්ධ පක්ෂ කණ්ඩායම්වලටය.
බහුතර විපක්ෂය නගරාධිපති ධුරය සඳහා නමක් යෝජනා කර තිබුණත්, අවසන් මොහොතේ එය කඩාකප්පල් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ සඳහා මූලිකත්වය ගැන කටයුතු කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක බව පැවැසේ.
පසුගියදා විපක්ෂ සන්ධානය යෝජනා කර තිබුණේ, සිය අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත්, එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදීමටය.
කෙසේවෙතත් අවසන් මොහොතේ එම එකඟතාවන් කඩාකප්පල් කිරීමට සාගල රත්නායක කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ අවස්ථාව එජාප ජාතික සංවිධායක සාගල රත්නායක විසින් අවසන් මොහොතේදී කඩාකප්පල් කර ඇතැයි පක්ෂය තුළින්ම චෝදනා එල්ල වෙමින් පවතී.
සාගලගේ නිවසේ අද (16) උදෑසන පැවැති කොළඹ එජාප නාගරික මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී බහුතර පිරිස මුලින් එකඟ වී ඇත්තේ, නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ය.
කෙසේවෙතත් අවසන් මොහොතේදී, කිත්සිරි රාජපක්ෂට හිතවත් මන්ත්‍රී කණ්ඩායම අධෛර්යයට පත්කිරීමේ අරමුණින් යුතුව සාගල රත්නායක එම යෝජනාවට විරුද්ධ වී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart