
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ වාර්තා ජනාධිපතිවරයා වෙත ලබාදෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
මීට අමතරව කොළඹ නගර අලංකරණ සැලැස්ම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් කඩිනමින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ද ඔහු නිලධාරීන්ට උපදෙස් දී ඇත.
කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම නියෝග නිකුත් කර තිබේ.
බේරේ වැව ආශ්‍රිතව හඳුනාගත් ඉඩම් පෞද්ගලික අංශය සමඟ එක්ව පොදු කටයුතු සඳහා සංවර්ධනය කිරීම ඇතුළු විවිධ අංශ පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුව ඇත.
බේරේ වැවේ ඇති බැක්ටීරියා සහ ඇල්ගී ප්‍රතිශතය අඩුකිරීමේ අරමුණින් අපද්‍රව්‍ය බට බේරේ වැවට හැරවීම වැළැක්වීම සඳහා ගෙන යන ප්‍රයත්නයන් පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart