May 6, 2025

සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ තවත් සිසුන් දෙදෙනෙකු නවකවධය සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව, තුන්වැනි වසරේ සිසුන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අද ඔවුන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 10 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.