January 26, 2026

බෙන්තොට මුහුදේ ගිලී විදෙස් ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

ඇය නතර වී තිබූ හෝටලය ආසන්නයේ මුහුදේ දියනාමින් සිටියදී අනතුරට මුහුණපා ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ, රුසියානු ජාතික 49 හැවිරිදි කාන්තාවකි.

ඇගේ මෘතශරීරය බලපිටිය මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.