March 8, 2024

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අලුතින් එළිදැක්වූ පොත සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබේ.

ගෝඨාභයගේ ‘කුමන්ත්‍රණය’ පොතට අනුව 2022 දී අන්තර්ජාතික අනුග්‍රහය මත පාලන තන්ත්‍රය වෙනස් කළ බව කියන සැලසුමකින් ශ්‍රී ලංකා ජනාධිපති ධුරයෙන් ඔහුව නෙරපා හැර තිබේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය X පණිවිඩයක් නිකුත් කරමින්, විදේශ තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ හමුදා සමග ගනුදෙනු කිරීමට සිදුකෙරෙන සංචාර සීමා කළ යුතු බවට හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාව පිළිබඳව ප්‍රශ්න කර ඇත.

‘ගෝඨාභය රාජපක්ෂ විසින් අලුතින් එළිදක්වන ලද පොත පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් වල ප්‍රකාශන පිළිබඳව අවධානය යොමු කරන ලදී. එහිදී ශ්‍රී ලංකා හමුදා වෙත විදේශ තානාපතිවරුන්ගේ සංචාර සීමාකළ යුතු බවට යෝජනා කර ඇත. එවිට එයට පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. ඉන් අදහස් කරන්නේ කුමන රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ද? ” යනුවෙන් රුසියානු තානාපති කාර්යාලය ප්‍රශ්න කර තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, 2022 දී ඔහුව ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ විරෝධතාවලට අදාළ සිදුවීම් විස්තර කරන ඔහුගේ නව පොත බ්‍රහස්පතින්දා (මාර්තු 07) එළිදැක්වීය.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී තමන් විඳි කටුක අත්දැකීම්, ඔහු ඉවත් කිරීම, ආර්ථික අර්බුදය විසඳීමට සහ රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගෝඨාභය රාජපක්ෂ සිය කෘතියෙන් සඳහන් කර ඇත.