
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා රුසියානු හමුදාවට එක්ව සිටින සියලුම ඉන්දීය ජාතිකයන් නිදහස් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එකඟ වී ඇති බව ANI ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.
නම් හෙළි නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් එම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රුසියානු සංචාරය අතරතුර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවට පැමිණ ඇති බවයි.
යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධයට සම්බන්ධ වී සිටින ඉන්දීය ජාතිකයන් අතරින් අවම වශයෙන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පැවසේ.
තවත් බොහෝ දෙනෙක් යුද කලාපයේ සිරවී සිටින අතර ඔවුන් සටනට සම්බන්ධ කරවාගෙන ඇත්තේ රවටා බවටත් චෝදනා එල්ල වී ඇත.
නරේන්ද්‍ර මෝදිගේ රුසියානු සංචාරය අතරතුර සඳුදා රාත්‍රියේ ව්ලැඩිමීර් පුටින් විසින් පවත්වන ලද පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයකදී අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ප්‍රශ්නය මතුකර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ ANI ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන්, රුසියාව ඔවුන්ගේ හමුදාවේ සේවය කරන සියලුම ඉන්දියානුවන් නිදහස් කිරීමට සහ ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට සහාය වීමට එකඟ වී ඇත.
රොයිටර්ස් වාර්තා කර තිබුණේ රුසියාව සමඟ ඉන්දියාවේ වෙළෙඳ අසමතුලිතතා නිවැරදි කිරීම සහ යුක්රේන යුද්ධයේදී ‘නොමඟ යැවීමෙන්’ සටන් සඳහා සම්බන්ධ කරගෙන සිටින ඉන්දියානු පුරවැසියන් නිදහස් කර ගැනීම මෝදිගේ මොස්කව් සංචාරයේ ප්‍රමුඛතා අතරට එනු ඇතැයි ඉහළ පෙළේ ඉන්දීය නිලධාරියකු පසුගිය සතියේ තම ප්‍රවෘත්ති ඒජන්සියට පැවසූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart