
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ලවී ඇත.
මොස්කව් ඉලක්ක කරගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව තහවුරු කර තිබේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් මොස්කව් හි Vnukovo අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයේ වගකීම යුක්රේනය භාරගත යුතු බවට රුසියාව චෝදනා කරයි.
ඩ්‍රෝන සියල්ල වෙඩි තබා බිම හෙලා ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් යුක්රේනය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළකර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart