
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ප්‍රමුඛ මාධ්‍ය ආයතන හිමිකරුවකු වන රූපට් මර්ඩොක් ඉකුත් සෙනසුරාදා පස්වැනි වරටත් විවාහ වූ බව බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් වන ද සන් වාර්තා කරයි.
මර්ඩොක්ට අයත් ද සන් පුවත්පත, 93 හැවිරිදි ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපතියා ඔහුගේ 67 හැවිරිදි බිරිඳ වන විශ්‍රාමික අණුක ජීව විද්‍යාඥ එලීනා ෂුකෝවා සමඟ සිටින ඡායාරූප නිකුත් කර තිබිණි.
ඔවුන්ගේ මංගල උත්සවය පැවත්වී ඇත්තේ කැලිෆෝනියාවේ බෙල්-එයාර් හි මිදි වත්තේදීය.
ෂුකෝවා යනු රුසියානු ව්‍යාපාරික නායකයකු වන රෝමන් අබ්‍රමොවිච්ගේ හිටපු බිරිඳ සහ රුසියානු – ඇමරිකානු සම්භවයක් ඇති කලා නිර්මාණ එකතුකරන්නකු වන දාෂා ෂුකෝවාගේ මවයි.
මර්ඩොක් දශක ගණනාවක් තිස්සේ වෝල් ස්ට්‍රීට් ජර්නල්, නිව් යෝර්ක් පෝස්ට් සහ ෆොක්ස් නිවුස් අයත් මාධ්‍ය සමාගම් දෙකක් වන ෆොක්ස් කෝපරේෂන් සහ නිව්ස් කෝපරේෂන් හි ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට (Bloomberg’s Billionaire Index) අනුව ඩොලර් බිලියන 9.77ක ශුද්ධ වටිනාකමක් ඇති මර්ඩොක්, 2023 නොවැම්බරයේදී නිවේදනය කළේ ඔහු ආයතන දෙකේම සභාපති ධුරයෙන් ඉවත් වී ඔහුගේ පුත් ලැච්ලාන්ට පාලනය භාර දෙන බවයි.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව ඔහු පසුගිය ගිම්හානයේදී ෂුකෝවා සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කර තිබේ.
මෙම යුවළ මාර්තු මාසයේදී ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කළහ.
මර්ඩොක් අවසන්වරට විවාහ වූයේ හිටපු සුපිරි නිරූපිකාවක් වන ජෙරී හෝල් සමඟ ය.
එම යුවළ 2022 දී දික්කසාද විය.
2023 මාර්තු මාසයේදී මර්ඩොක් ඈන් ලෙස්ලි ස්මිත්ට විවාහය සඳහා යෝජනා කළ නමුත් සති දෙකකට පසුව විවාහ ගිවිස ගැනීම අවලංගු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart