
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගයේ අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා සමත් වී තිබේ.
තරගයේ පළමු ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවිය.
ඇය පසුගිය මාසයේ කොළඹදී පැවැති විවාහක රූ රැජිණ තරගයේදී මෙරට විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි අතර, ඒ අනුව අමෙරිකාවේ පැවැති ලෝක විවාහක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය.
ඉෂාදි අමන්දා ලෝක විවාහක රූ රැජින තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා අතරින් අයෙකි.
ඒ සඳහා තරග කළ අනෙක් තරගකාරිය වූයේ නවසීලන්තය නියෝජනය කරමින් තරගවැදුණු ශ්‍රී ලංකා සහ නවසීලන්ත ද්විත්ව පුරවැසිභාවය හිමි නිෂි රණතුංග යි.
නවසීලන්තයේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ඇති නිෂි රණතුංග මීට පෙර Mrs. Woman of the Universe New Zealand 2022 සහ Mrs. Universe New Zealand 2022 තරගවලදී දෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ.
ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය යනු විවාහක කාන්තාවන්ට ඔවුන්ගේ දක්ෂතා සහ සුන්දරත්වය ලොවට ප්‍රදර්ශනය කිරීමට සමාන අවස්ථා ලබාදෙන වේදිකාවකි.
එම තරගාවලිය කාන්තාවන් දිරිමත් කිරීමට සහ ගෝලීය පිළිගැනීමක් ලබාගැනීමට අවස්ථාවක් ලබාදෙයි.
මෙම තරඟය සෑම තරාතිරමකම කාන්තාවන්ට ඔවුන්ගේ සුන්දරත්වය, ඔවුන්ගේ වටිනාකම් සහ වාර්ගිකත්වය වැලඳගෙන ගෝලීය වේදිකාවක් මතින් ඉදිරියට ගමන් කිරීමට දිරිමත් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart