
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුහුණු කතරගම මහා දේවාලයට පූජාකළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්‍රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු වන සමන් ප්‍රියන්ත නොහොත් ‘චූටි කපුවා’ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයකට රුහුණු කතරගම මහා දේවාලයට පූජාකළ රත්‍රන් මෙම රත්‍රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපුවා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබිණි.
මෙම රත්‍රන් තැටිය අතුරුදන්වීම සම්බන්ධව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුව විමශර්න සඳහා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා යටතේ ඒකක අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජේ. නිශාන්ත යටතේ විමර්ශන ඇරඹී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart