
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට හිටපු ප්‍රබල රග්බි ක්‍රීඩකයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට දැක්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ලෝක රග්බි සම්මේලනය (WR) විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ අවධානය යොමු කිරීම එහි අරමුණ බව සඳහන්ය.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ (SLR) ඉදිරි වාර්ෂික මහා සභා රැස්වීම එහි පැරණි ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පැවැත්වුවහොත් ශ්‍රී ලංකාව ලෝක රග්බි සම්මේලනයෙන් තහනමකට ලක්වීමේ බරපතළ අවදානමක් ඇති බව පෙනීගොස් ඇත.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉදිරි වාර්ෂික මහා සභා රැස්වීම 2025 ජනවාරි 21 වන දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
වාර්තා වන පරිදි ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි සංගමයට දන්වා ඇත්තේ පැරණි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පසුව එහි නව නිලවරණය පැවැත්විය යුතු බවයි.
පැරණි ව්‍යවස්ථාව ‘A’ කොට්ඨාස සමාජවලට මැතිවරණවලදී ඡන්දය භාවිත කිරීම වළක්වා තිබේ.
ඒ අතරම, එම ව්‍යවස්ථාව පළාත් සංගම්වලට ඡන්ද අයිතිය ලබා දෙන අතර, ඉන් සමහරක් දැනට අභාවයට ගොස් ඇත.
ශ්‍රී ලංකා රග්බි සංගමයට එහි ව්‍යවස්ථාව සංශෝධනය කර එහි නිලවරණය පැවැත්වීමට ලෝක රග්බි සම්මේලනය දී ඇති කාල සීමාව 2025 ජනවාරි 31 දිනෙන් අවසන් වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart