
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි බැංකු පද්ධතිය තුළ ඉකුත් වසර හයක කාලයේ දී (2019 වර්ෂයේ සිට 2024 දෙසැම්බර් මස 31) රුපියල් මිලියන 243.52ක් වූ මූල්‍ය වංචා 252ක් වාර්තා වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කර ඇත.
බැංකු පද්ධතියේ පවතින අඩුපාඩු සකස් නොකිරීම සහ විනය නියෝග තුළින් දඬුවම් ලිහිල්වීම නිසා නිලධාරීන් විසින් දිගින් දිගටම සිදුකරනු ලබන මූල්‍ය වංචා වැඩිවීමට හේතුවී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මින් මූල්‍ය වංචා 138කට අදාළව නිලධාරීන් 138කගේ විනය ක්‍රියාමාර්ග අවසන් කර මූල්‍ය වංචාවන්ට අදාළව රුපියල් මිලියන 52.91ක මුදලක් අයකරගෙන ඇත.
රුපියල් මිලියන 190.61ක් වූ මූල්‍ය වංචා 114 කට අදාළ විනය කටයුතු සිදුකරමින් පවතියි. 2014 ජනවාරි මස 03 වැනි දින සිට 2018 අගෝස්තු මස 31 දක්වා බැංකු හා බැංකු සමිතිවල සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවලින් රුපියල් මිලියන 75.40ක අක්‍රමිකතා 09ක කටයුතු අවසන් කර නොතිබුණි.
සිදු වූ මූල්‍ය අක්‍රමිකතා අනාවරණය කරගැනීමෙන් පසු ඉදිරියේ දී එවැනි තත්ත්වයක් ඇතිවීම අවම කර ගැනීම සඳහා අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් කරමින් මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කර ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart