October 30, 2025

ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ දිස්ත්‍රික් නියෝ­ජි­ත­යන් ලෙස ලොත­රැයි ටිකට් ලක්ෂ පහ­කට අධික ප්‍රමා­ණ­යක් අලෙ­වි­කර රුපි­යල් ලක්ෂ එක­සිය විස්ස­කට අධික මුද­ලක් වංචා කිරීම සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී හේෂා විතා­නගේ මන්ත්‍රී­ව­ර­යාගේ බිරි­යට සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරි­ය­ව­සම්ගේ නෑනාට එරෙ­හිව දැඩි නීති­මය පිය­වර ගන්නා බව ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­පති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා පැව­සීය.

මීට අම­ත­රව දුමින්ද දිසා­නා­යක, නවීන් දිසා­නා­යක, ඇතුළු හිටපු අමා­ත්‍ය­ව­රුන් කිහි­ප­දෙ‍නෙක් විසින් නිර්දේශ කරන ලද තවත් පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු මෙලෙස ලක්ෂ ගණන් මුදල් ගෙවීම පැහැ­ර­හැර ඇති බව ද හෙතෙම කීය.

ජාතික ලොත­රැයි මණ්ඩ­ලය සම්බ­න්ධ­යෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරනු ලබන විවිධ අහි­ත­කර ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් ඊයේ (29) කොළඹ සාම­යික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමු­ව­කදී ඔහු මේ බව කීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සභා­ප­ති­ව­රයා මෙසේ ද කීය,

“ කුලි­යා­පි­ටිය අලෙවි නියෝ­ජි­ත­ව­රි­යක් රුපි­යල් 9,878,000ක ලොත­රැයි මුදල් ලොත­රැයි මණ්ඩ­ල­යට ගෙවලා නැහැ. පොදු දේපළ පනත අනුව ලක්ෂ­යක් ගෙවපු නැති කෙන­කුට වුණත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කළ යුතුයි. එම නියෝ­ජි­ත­ව­රි­යට අලෙවි නියෝ­ජි­ත­කම දෙන්න නිර්දේශ කරලා තියෙන්නේ 2016 අධ්‍යා­පන අමාත්‍ය අකිල විරාජ් කාරි­ය­ව­සම් විසින්. හොයලා බල­න­කොට තමන්ගේ නෑනාට තමයි මේ දිස්ත්‍රික් නියෝ­ජි­ත­කම දීලා තියෙන්නේ. මුදල් ගෙවීම් පැහැර හැරලා තියෙ­නවා‍. කිසිම නීති­මය පිය­ව­රක් අර­ගෙන නැහැ.

තවත් අලෙවි නියෝ­ජි­ත­ව­රි­යක් රුපි­යල් ලක්ෂ 21ක පොල්ලක් තියලා තියෙ­නවා දිසා­නා­යක මුදි­ය­න්සේ­ලාගේ නන්දනී. එයාට දිස්ත්‍රික් අලෙවි නියෝ­ජිත ධුරය දෙන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ පාර්ලි­මේන්තු මන්ත්‍රී හේෂා විතා­නගේ. මේ හේෂා විතා­නගේ මන්ත්‍රී­ව­ර­යාගේ බිරිය. රුපි­යල් විසි එක් ලක්ෂ­යක් ගෙවන්නේ නැතුව ඉන්නවා. මේ පිළි­බඳ ලිපි මඟින් දැනු­ම්දී­මක් සිදුකරලා තියෙ­නවා.

සල්ලි දෙන්නෙ නෑ කියලා කිය­නවා. වංචා විම­ර්ශන අංශ­යට පැමි­ණිලි කරලා තියෙ­නවා. අව­සාන වශ­යෙන් එතු­මිය කියලා තියෙ­නවා මට සල්ලි දෙන්න බැරි වුණේ මගේ නියෝ­ජි­තයෝ මට සල්ලි දුන්නේ නැති නිසා කියලා. මේ පැමි­ණිල්ල යන­කොට ගිණු­මට ටික ටික සල්ලි දානවා. අවු­රුදු පහ­කට වැඩි කාල­ය­කට විසි එක් ලක්ෂ­ය­කට පොලිය බැලු­වොත් බර­ප­තළ මුදල් අව­භා­වි­තා­වක් සිදුවෙලා තියෙ­නවා.

සියලු වැඩ නව­ත්තලා නෑනයි නෝනයි පස්සෙන් යන්න සිද්ධ වෙලා තියෙ­නවා. අපි තීර­ණය කළා වංචා විම­ර්ශන අංශ­යට පැමි­ණිලි කරන්න. එම අංශ­යට පුළු­වන් පොදු දේපළ පනත යටතේ කට­යුතු කරන්න.

මේ ආකා­ර­යට ලොත­රැයි මණ්ඩ­ලයේ ලොත­රැයි මහ­ජ­න­තා­වට විකු­ණලා සල්ලි ගෙවපු නැති කේ.ඩී. ධර්ම­පාල නමැත්තා රුපි­යල් 2,370,000ක වංචා කරලා තියෙ­නවා. නිර්දේශ කරලා තියෙන්නේ දුමින්ද දිසා­නා­යක හිටපු කෘෂි­කර්ම අමා­ත්‍ය­ව­රයා, ඩී.ජේ. පෙරේරා රුපි­යල් 609,000ක් ගෙවන්න තියෙ­නවා. පත්වීම දෙන්න කියලා තියෙන්නේ 2011වසරේ හිටපු අමාත්‍ය නවීන් දිසා­නා­යක මහතා.

අව­භා­විත වූ මුද­ල්ව­ලට අදාළ ත්‍යාග මුදල් ජාතික ලොත­රැයි මණ්ඩ­ලය ගෙවලා තියෙ­නවා. බදු ගෙවලා තියෙ­නවා. කෝප් කමි­ටු­වට අපි ලබන මා‍ෙස යන්න ඕනෑ. මේ දේශ­පා­ලන පක්ෂ­වල කට්ටිය කෝප් කමි­ටු­වෙත් වාඩි වෙනවා. අද මෙතන කතා කරපු විදි­ය­ටම නම් ගම් සහි­තව එදි­නට කරුණු දක්ව­නවා. අපි වග­කි­යන්නේ මහ­ජ­න­තා­වට. අපේ ටිකට් මිලදී ගන්නෙ මහ­ජ­න­තාව.”

මෙහිදී අද­හස් දැක් වූ ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සාමා­න්‍යා­ධි­කාරි ඒ.එම්. අරිෆ්,

“අසේල සම්පත් කියන පුද්ග­ල­යෙක් විසින් ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ කීර්ති­නා­ම­යට හානි­යක් වන ආකා­ර­යෙන් යම් යම් ප්‍රකාශ නිකු­ත්කර තිබෙ­නවා. සිය­යට හැටක් පමණ ලොත­රැයි මිලදී ගත්තත් ජය­ග්‍ර­හණ අඩුයි කිය­නවා. මහ­ජන සම්පත භාගෙට භාග­යක් දෙන ජය­ග්‍ර­හණ අඩු­වෙලා කිය­නවා. ගොඩ­නැ­ඟිලි සම්බ­න්ධ­යෙන් යම් යම් ප්‍රකාශ නිකුත් කර­මින් සිටි­නවා.

මහ­ජන සම්පත ගැන කියන්න කැම­තියි. ඔහු කියන ආකා­ර­යට මහ­ජන සම්පත ලොත­රැ­යි­ප­තින් අපි ලක්‍ෂ දහයේ දිනු­මක් ලබා දෙන්නේම නැහැ. ප්‍රථම ත්‍යාග ලෙස අපි ලබා­දෙන්නෙ ලක්ෂ විසි පහක්. ලක්ෂ විසි­පහේ ඒවා එකක් හෝ දෙකක් උප­රිම දෙකක් ලබා දෙනවා. ලක්ෂයේ දිනුම් දාස­යක් විස්සක් අතර ප්‍රමා­ණ­යක් යනවා.

ත්‍යාග අඩු වෙලා කියන එක පිළි­ගන්න බැහැ. සාවද්‍ය කරු­ණක්. පාරි­භෝ­ගි­ක­යන් මුළා කිරීමේ අද­හ­සින් ඉදි­රි­පත් කළ කරුණු.

2024 මුළු අවු­රු­ද්ද­ටම සුපිරි ත්‍යාග 41ක් බිහි­කර තිබෙ­නවා. 2025 තුන් වැනි කාර්තුව දක්වා සුපිරි ත්‍යාග 40ක් බිහි කරලා තියෙ­නවා. ප්‍රථම ත්‍යාග 2024 වසරේ 881ක් ලබා දීලා තියෙ­නවා. 2025 වසරේ එම ප්‍රමා­ණය 1055ක් දක්වා වැඩි වෙලා තියෙ­නවා. අපි ලබා දී තිබෙන ත්‍යාග ප්‍රමා­ණය වැඩි වෙලා ද යන්න හොඳින් එයින් පැහැ­දිලි වෙනවා. ලංකා ඉති­හා­සයේ වැඩිම ත්‍යාග මුදල වන කෝටි 47 ජාතික ලොත­රැයි මණ්ඩ­ලය විසින් මේ අවු­රුද්දේ ලබා දුන්නා. ඊට පෙර විශා­ල­තම මුදල වශ­යෙන් දුන්නේ කෝටි 27ක මුද­ලක් ජාතික ලොත­රැයි මණ්ඩ­ලය විසින් 2020.

අසේල සම්පත් කියන ආකා­ර­යට පාරි­භෝ­ගි­ක­යන් මුළා කිරීමේ අව­ශ්‍ය­තා­වක් කිසි­සේත්ම නැහැ. මහා භාණ්ඩා­ගා­ර­යට ජාතික ලොත­රැයි මණ්ඩ­ලය අ‍ෙල­වි­යෙන් කොට­සක් ලෙස 2024 වස­රේදී බිලි­යන 4.4ක් ලබා දුන්නා. 2025 වසරේ බිලි­යන 4.1ක් ලබා දීලා තියෙ­නවා. වකු­ගඩු අර­මු­ද­ලට ගිය අවු­රුද්ද වෙන් කළේ රුපි­යල් මිලි­යන 32යි. මේ මාස නවය ඇතුළේ රුපි­යල් මිලි­යන 57ක් වෙන් කරන්න පුළු­වන්.

දෛනි­කව අපේ අ‍ෙල­විය තියෙ­නවා දළ වශ­යෙන් දව­ස­කට ටික­ට්පත් මිලි­යන 3.7ක්. අලෙ­වි­යෙන් දළ වශ­යෙන් දෛනි­කව මිලි­යන 150කට ආසන්න මුද­ලක් ලැබෙ­නවා. විනි­වි­ද­භා­ව­යෙන් යුතුව සියලු කට­යුතු සිදු කරන බව මේ අව­ස්ථා­වේදී කියන්න කැම­තියි.

අපේ පාරි­භෝ­ගි­ක­යන් වන ලොත­රැයි මිලදී ගන්නා ජන­තා­වට අසා­ධා­ර­ණ­යක් සිදු කරන්න බැහැ. මේක රාජ්‍ය ආය­ත­න­යක්. මේ ආය­ත­නය නිසා ජීවත් වන විශාල පිරි­සක් සිටි­නවා. දිනුම් ඇදීම කියන එක ජය­ග්‍ර­හණ ලබා­ග­න්නවා කියන එක එක කාර­ණ­යක් විත­රයි.”