August 12, 2025

සුපිරි පාපන්දු ක්‍ර්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ දිගුකාලීන සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් විවාහ ගිවිසගෙන තිබේ.

31 හැවිරිදි රොඩ්‍රිගස් ඊයේ මෙම සතුටුදායක පුවත ඇගේ Instagram ගිණුම ඔස්සේ නිවේදනය කළේ ඇගේ ඇඟිල්ලේ පැළඳ සිටි අලංකාර මුද්දක් පෙන්වන ඡායාරූපයක් ද සමඟයි.

රොඩ්රිගස්ට සහ 40 හැවිරිදි රොනාල්ඩෝට මේවනවිටත් දියණියන් දෙදෙනෙක් සිටියි.

ඇය රොනාල්ඩෝගේ අනෙක් දරුවන් තිදෙනා ඇති දැඩි කිරීමට ද උදව් කර ඇත.

මෙම යුවළට ඔවුන්ගේ අලුත උපන් නිවුන් දරුවන්ගෙන් එක් පිරිමි ළමයෙකු 2022 දී අහිමි විය.

රොනාල්ඩෝට රොඩ්රිගස්ව මුණගැසුණේ 2016 දී ඇය මැඩ්රිඩ් හි Gucci වෙළඳසැලක සේවය කරන විටය.

හිටපු රියල් මැඩ්රිඩ් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් තරුව දැන් සෞදි අරාබියේ අල්-නාසර් වෙනුවෙන් ක්‍රීඩා කරයි.