July 21, 2025

සමගි ජන බල­වේ­ලයේ කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා විසින් ධාව­නය කර­මින් සිටි­යදී මතු­ග­මදී, පාන­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය අත්අ­ඩං­ගු­වට ගත් නීතිවිරෝ­ධීව මෙර­ටට ආන­ය­නය කර හොර පාරෙන් ලියා­ප­දිංචි කර ඇතැයි සැකකරන ජීප් රථය ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධනගේ දිය­ණි­ය­ගෙන් මිලදී ගත්තක් බව අනා­ව­ර­ණය වී තිබේ.

එම ජිප් රථය 2024 වසරේ ඔක්තෝ­බර් 16 වැනිදා මිලදී ගත් බව සඳ­හන් කර­මින් එම ගනු­දෙ­නුව සිදු­වන අයුරු දැක්වෙන ඡායා­රූ­ප­යක් ද පාර්ලි­මේන්තු මන්ත්‍රී ජගත් විතාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය වෙත ඉදි­රි­ප­ත්කර ඇත. එම ඡායා­රූ­පයේ රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධනගේ දිය­ණිය ද සිටින බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කරයි.

පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධනගේ දිය­ණිය වන මෙලනි අබේ­ගු­ණ­ව­ර්ධනගේ නමින් ලියා­ප­දිං­චිව තිබූ මෙම රථය ඇගේ ස්වාමි­පු­රු­ෂයා වන ධනුෂ් ප්‍රිය­ද­ර්ශ­න­ගෙන් සිය පියා වන ජගත් විතාන රු.මිලි­යන 35කට මිලදී ගත්බව ජගත් විතානගේ පුතා ප්‍රකා­ශ­යක් දී ඇතැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කරයි.

මෙම රථය රු. මිලි­යන 45කට මෙලනි අබේ­ව­ර්ධන­ගෙන් මිලදී ගත් බව පාර්ලි­මේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රකා­ශ­යක් ලබාදී ඇතැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් පව­සයි.

මෙම රථය මිලදී ගන්නා වක­වා­නුව තුළදී වෙළෙ­ඳ­පොළ වටි­නා­කම රු.මිලි­යන 45ක් වුවද ලේඛ­න­ග­තව මිලදී ගැනීම සිදු කර ඇත්ගේ රු.මිලි­යන 20ක මුද­ල­කට බව ද කරුණු අනා­ව­ර­ණය වී ඇතැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කරයි.

මේ සම්බ­න්ධ­යෙන් මෙලනි අබේ­ගු­ණ­ව­ර්ධනන් ප්‍රශ්න කිරී­මට පොලී­සිය අවස්ථා කිහි­ප­යක් ඇය පදිං­චිව සිටින වස්ක­ඩුව නිවෙ­සට සහ ඇගේ කළු­තර මහගෙද­රට ගොස් ඇතත් ඇය නි‍වසේ නොසිටි බව උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය. විම­ර්ශ­න­ව­ලින් හෙළි­වන තොර­තුරු මත ඇයව අත්අ­ඩං­ගු­වට ගැනී­මට පවා සිදු­වනු ඇතැයි පොලී­සිය සඳ­හන් කළේය.

මෙම ජිප් රථය මෙර­ටට නීතිවිරෝ­ධීව ආන­ය­නය කර මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තුවේ දත්ත පද්ධ­තිය වෙනස් කර ලියා­ප­දිංචි කර ඇති එකක් බවට සැක­ක­රන තොර­තුරු රැසක් අනා­ව­ර­ණය වී ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා රේගු­වේත්, මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තු­වේත් සහාය ඇතිව විම­ර්ශන පැවැ­ත්වෙන බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කරයි.

මෙම ජිප් රථය පොලී­සියේ නියෝජ්‍ය පොලි­ස්ප­ති­වරු භාවිත කරන වර්ගයේ නිල් පැහැති එකක් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කරයි.

මෙම ජීප් රථය සම්බ­න්ධ­යෙන් වැඩ බලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රියට ලද තොර­තු­ර­කට අනුව විම­ර්ශන ආරම්භ කර තිබේ. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රීන් අවේ­ක්ෂණ රාජ­කා­රියේ නිරත වෙමින් මෙම ජීප් රථය ගැන තොර­තුරු සොයා වැට­ළීම සිදු­කර ඇත්තේ පෙරේදා (19)ය.

මන්ත්‍රී­ව­ර­යාගේ පුතා එය පද­වා­ගෙන යමින් සිටි­යදී මතු­ග­මදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රීන් විසින් මතු­ගම, නෑබඩ පැස්කු­වෙල් පාරේ අධ්‍යා­පන ආය­ත­න­යක් අස­ලදී ජිප් රථය නවතා එය ධාව­නය කර­මින් සිටි මන්ත්‍රී­ව­ර­යාගේ පුතා සිය භාර­යට ගන්නා විට එම ස්ථානයේ නොස­න්සුන් තත්ත්ව­යක් ද ඇතිවී තිබේ. දැඩි පරි­ශ්‍ර­ම­ය­කින් අන­තු­රුව wp kx 8137 දරන ජීප් රථය පද­වා­ගෙන පැමිණි මන්ත්‍රී­ව­ර­යාගේ පුතා වන රසික බුද්ධික පින්න­ගොඩ විතාන මහ­තාව සිය­භා­ර­යට ගෙන ජිප් රථය සමඟ මතු­ගම පොලිස් ස්ථාන­යට රැගෙන ගිය බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කළේය.

පොලිස් ස්ථාන­යට ඔහුව රැගෙන යන­විට මන්ත්‍රී­ව­ර­යාගේ ආධා­ර­ක­රු­වන් 200ක පමණ පිරි­සක් පොලිස් ස්ථාන­යට පැමිණ සිටි බවත් එහිදී ද පොලිස් නිල­ධා­රීන් සමඟ මන්ත්‍රී­ව­රයා දැඩි වචන හුව­මා­රු­වක් සිදුවූ බව ද උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය. ඒ සම්බ­න්ධ­යෙන් මතු­ගම පොලී­සිය කිසිදු ක්‍රියා­මා­ර්ග­යක් නොගත් බවට පොලී­සිය තුළින්ම චෝද­නා­වක් එල්ලවී තිබේ.

සිය පුතාව අත්අ­ඩං­ගු­වට නොගන්නා ලෙසත් පුතාව අත්අ­ඩං­ගු­වට ගත­හොත් මරා­ගෙන මැරෙන බවත් මන්ත්‍රී විතාන පව­ස­මින් පොලිස් නිල­ධා­රීන් සමඟ වාද විවා­ද­වල පැටළී ඇතත් තත්ත්වය පැහැ­දිලි කිරී­මෙන් අන­තු­රුව නීතිය ක්‍රියා­ත්මක කිරී­මට සහාය දුන් බව ද උසස් පොලිස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

අත්අ­ඩං­ගු­වට ගත් රසික විතාන මතු­ගම මහේ­ස්ත්‍රාත් අසංකා හෙට්ටි­යා­වත්ත වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව එළැ­ඹෙන 1දා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කර තිබේ.

ජන­පති නීති­ඥ­ව­ර­යකු ඇතුළු 24දෙන­කුට අධික වූ නීතිඥ මඬු­ල්ලක් සැක­කරු වෙනු­වෙන් පෙනීසිටි බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කෙළේය.(දිනමිණ)