
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි ජයත් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්වූයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත්කරමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවි ලකුණු 272ක් රැස්කළේය.
ජස්ප්‍රිට් බුම්රා කඩුලු 04ක් බිඳහෙළීය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 35ක් අවසානයේ ලකුණු 273ක් ලබමින් තරගය ජයගත්තේය.
පළමු කඩුල්ලට නායක රෝහිත් ෂර්මා සහ ඉෂාන් කිෂන් ලකුණු 156ක සබදතාවක් ගොඩනැගූ අතර, රෝහිත් ෂර්මා පන්දු 84කදී ලකුණු 131ක් රැස්කරනු ලැබීය.
ඔහු පන්දු 63කදී ශතකය වාර්තා කළ අතර, එය ඉන්දීය ක්රිඩකයකු ලෝක කුසලාන තරගාවලියකදී ලබාගත් වේගවත්ම ශතකය ද විය.
මෙය ලෝක කුසලාන තරගවලදී රෝහිත් ලබාගත් 07වැනි ශතකය වූ අතර, ඒ අනුව ඔහු ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ශතකලාභියා වූයේ ශතක 06ක් ලබාගෙන සිටි සචින් තෙන්දුල්කාර් අභිබවා යමිනි.
එමෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වැඩිම,හයේ පහරවල් එල්ල කළ ක්‍රිඩකයා බවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පත්වූ ඊයේ තරගයේදී හයේ පහරවල් 04ක් එල්ල කරමින්.
හයේ පහරවල් 554ක් එල්ල කරමින් රෝහිත් ෂර්මා මෙලෙස බිඳදැමුවේ හයේ පහරවල් 553ක් එල්ල කරමින් බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් බිහිවූ සුපිරි පිතිකරු ක්‍රිස් ග්‍රේල් තබා තිබූ වාර්තාවයි..
මෙම තරගයේදී රෝහිත් ෂර්මා එක්දින ලෝක කුසලාන පිටියේ ලකුණු 1000 සීමාවද පසුකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart