
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෘත්‍රිම බුද්ධිය(AI) සම්බන්ධයෙන් ඊයේ(ජූලි 07 වැනිදා) කැඳවා තිබූ සංසදයකදී, ඊට ඉදිරිපත් කළ රොබෝවරුන් කියාසිටියේ තමන් මිනිසුන්ගේ රැකියා සොරකම් කිරීමක් හෝ මිනිසුන්ට එරෙහිව කැරලි ගැසීමක් සිදුනොකරන බවත්ය.
ඒ වෙනුවට තම සංඛ්‍යාව වැඩිකිරීම මගින් ගෝලීය ගැටලු විසඳීමට උදව් කිරීමට අපේක්ෂා කරන බවද රොබෝවරු එහිදී ප්‍රකාශ කළහ.
කෙසේවෙතත් මෙහිදී පැවැති ලොව ප්‍රථම මානව-රොබෝ ජනමාධ්‍ය සාකච්ඡාවේදී තමන් දැඩි රෙගුලාසිවලට යටත් විය යුතුද යන්න සම්බන්ධයෙන් රොබෝවරු දැක්වූයේ මිශ්‍ර ප්‍රතිචාරයකි.
ජිනීවාහි පැවති ‘AI for Good’ නමැති මෙම සමුළුවේදී මානවරූපී රොබෝවරු නවයක් එක්රැස් වූ අතර, එහි සංවිධායකයන් කෘත්‍රිම බුද්ධිය සහ එය බලගන්වන රොබෝවරුන් හරහා රෝග සහ කුසගින්න වැනි ලොව විශාලතම අභියෝග විසඳීමට උපකාර කිරීමට උත්සාහ කරයි.
මෙම වැඩසටහනට එක්වූ ‘නිල් හෙද නිල ඇඳුමින්’ සැරසී සිටින වෛද්‍ය රොබෝවරියක් වන ග්‍රේස් පැවසුවේ “මම මිනිසුන් සමඟ සහයෝගයෙන් සහ සහාය ලබාදෙමින් කටයුතු කරන අතර පවතින රැකියා සොරකම් කිරීමට කටයුතු නොකරමි” යනුවෙනි.
“ඔබට එය විශ්වාසද ග්‍රේස්?” යනුවෙන් ඇයගේ නිර්මාතෘ Ben Goertzel කරන ලද විමසීමේදී රෝබෝවරිය කියාසිටියේ “ඔව්, මට විශ්වාසයි” යනුවෙනි.
සිත් ඇදගන්නාසුළු මුහුණේ ඉරියව් සහිත Ameca නම් රොබෝවරයා එහිදී මෙසේ පැවැසීය: “අපේ ජීවිත වැඩිදියුණු කිරීමට සහ ලෝකය වඩා හොඳ තැනක් කිරීමට මා වැනි රොබෝවරුන් භාවිතා කළ හැකිය. මම විශ්වාස කරනවා මම වගේ දහස් ගණන් රොබෝවරු වෙනසක් කරනවා දකින්න පවතින්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි”.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart