
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දියාවේ රිෂාබ් පන්ට් පත්විය.
ඒ, 2025 IPL තරගාවලිය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 26.75කට අලෙවි වෙමින් එම වාර්තාවට හිමිකම් කියූ ශ්‍රේයාස් අයියර් අභිබවා යමිනි.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ශ්‍රේයියර්ස් අයියර් මිලදී ගත් අතර, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම රිෂාබ් පන්ට් ඉන්දීය රුපියල් කෝටි 27 කට මිලදි ගන්නා ලදී.
මෙම ක්‍රීඩකයන් දෙදෙනාට පෙර IPL ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි ක්‍රීඩකයා බවට පත්ව සිටියේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් වන අතර, 2024 IPL ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා කණ්ඩායම ඔහුව ඉන්දිය රුපියල් කෝටි 24යි 75කට මිලදී ගෙන තිබිණි.
අද ආරම්භ වූ IPL ක්‍රීඩක වෙන්දේසියේදී පළමුව ඉන්දියාවේ අර්ෂදීප් සින්ග් ඉන්දීය රුපියල් කෝටි 18කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිලදී ගනු ලැබූ අතර දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා ඉන්දීය රුපියල් කෝටි 10.75කට ගුජරාටි කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart