
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්තානයේ බාලවයස්කාර ගැහැණු දරුවන්ගේ ඉහළ විවාහ අනුපාතය මෑත වසරවල අඩු මට්ටමක පැවති නමුත් 2022 වසරේ සිට එය යළිත් ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
පකිස්තානයට බලපෑ දරුණු ගංවතුර සහ දේශගුණය මත පදනම් වූ ආර්ථික අනාරක්ෂිත භාවය බාලවයස්කාර ගැහැණු ළමයින්ගේ සංඛ්‍යාව එලෙස ඉහළ යාමට හේතුව බව වාර්තා වේ.
ජූලි සහ සැප්තැම්බර් අතර ගිම්හාන මෝසම මිලියන සංඛ්‍යාත ගොවීන්ගේ ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාවය සඳහා අත්‍යවශ්‍ය වේ.
නමුත් විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාස ඔවුන්ට පීඩා ගෙන දෙන බව හා නායයෑම්, ගංවතුර සහ දිගුකාලීන බෝග හානි අවදානම ඉහළ නංවන බවයි.
රටෙන් තුනෙන් එකක් ජලයෙන් යටවූ, මිලියන ගණනක් අවතැන් වූ සහ අස්වැන්න විනාශ කළ 2022 ගංවතුරෙන් සින්ද් හි කෘෂිකාර්මික තීරයේ බොහෝ ගම්මාන තවමත් යථා තත්ත්වයට පත් වී නොමැත.
එබැවින් ගොවීන් මේ වනවිට පවුල් පැවැත්ම සඳහා ඕනෑම මාර්ගයක් සොයා ගෙන යාමේ ප්‍රවණතාවක් පවතින බව සඳහන්.
එහිදී ගොවීන්ට පවතින පළමු හා වඩාත්ම පැහැදිලි මාර්ගය වන්නේ මුදල් වෙනුවට තම දියණියන් විවාහ කර දීමයි.
ඒ අනුව පකිස්තානයේ ගම්බද ගොවි පවුල්වල බාලවයස්කාර ගැහැණු දරුවන් වයසින් වැඩි පිරිමින් සඳහා විවාහ කර දීම ඉහළ ගොස් තිබෙන බව මාධ්‍ය වාර්තා පවසයි.
ඇතැමුන් සිය දරුවන් දුප්පත්කමෙන් බේරා ගැනීමට පවුලේ සිටින දියණියන්ගේ විවාහය ඉක්මන් කරන බව පැවසේ.
පකිස්තානයේ ඇතැම් බාලවයස්කාර ගැහැණු දරුවන් මැදිවියේ පසුවන පිරිමි පුද්ගලයින් සඳහා විවාහ කර දෙන්නේ එරට මුදලින් රුපියල් ලක්ෂ 02 ම පමණ මුදලකට බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart