September 25, 2025

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති පොදු වැසිකිළිය රාත්‍රියේ අගුළු දමා තිබීම නිසා පාර්ලිමේන්තුවේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දුෂ්කරතාවන්ට මුහුණදෙන බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද පැවසීය.

පාර්ලිමේන්තුවේ පොදු වැසිකිළිය පස්වරු 4.30ට වසා දමන බවට රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් පැමිණිලි කළ බවත්, එම තීරණය හේතුවෙන් ඔවුන් දුෂ්කරතාවන්ට මුහුණදෙන බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

එමනිසා රාත්‍රියේ පොදු වැසිකිළිය විවෘතව තබන ලෙස මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.