
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයින පුරා මෑතකදී සිදු වූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආරංචි මාර්ග පැවසුවේ විමර්ශන කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කළ පසු, වාර්තාව මත පදනම්ව අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.
පසුගිය පෙබරවාරි 9 වැනි දින පෙ.ව. 11ට පමණ මෙම විදුලිය ඇනහිටීම සිදුවිය.
මෙම සිදුවීම පානදුර ග්‍රිඩ් උප පොළේ හදිසි තත්ත්වයක් හේතුවෙන් සිදු වූ බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර, විදුලිබල මණ්ඩලයට අනුයුක්ත ඉංජිනේරුවෝ විදුලි සම්ප්‍රේෂණය ඇතුළු දිගුකාලීන ගැටලු කිහිපයක් පෙන්වා දුන්හ.
ඊට ප්‍රතිචාර වශයෙන්, විදුලිබල බිඳවැටීමට හේතු සොයා බැලීම සඳහා බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart