
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ රජය විසින් පත් කරන ලද කමිටුව විසින් අධ්‍යයනය කර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත වාර්තාවක් භාරදී තිබේ.
එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පවසන්නේ ව්‍යාපෘති 40ක් පමණ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කමිටුව වාර්තාව සකස් කර ඇති බවයි.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන නිර්දේශ කිහිපයක් වාර්තාවට ඇතුළත් වේ.
මෙම නිර්දේශ සළකා බැලීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.
ඇමැති මණ්ඩලය විසින් ගනු ලබන තීරණය මත මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇත.
නව විදුලිබල පනතට අනුව මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලබන වසරේ ජුනි මාසයට පෙර ආරම්භ නොකළහොත් ඒවා අවලංගු ලෙස සළකන බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ව්‍යාපෘතිවලින් අපේක්ෂිත විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 250 ඉක්මවනු ඇතැයි ද අමාත්‍යාංශය නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart