
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය මාධ්‍ය ඔස්සේ විකාශය වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂනගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා තිබේ.
එන්තරවාසියක් යොමු කරමින් ජයවික්‍රමගේ නීතිඥවරයා පෙන්වා දෙන්නේ ඔහුගේ අදහස්වල ‘රෙහාන්’ යන නම සඳහන් කිරීම මගින් මහජනතාව තම සේවාදායකයා ලෙස වටහාගෙන ඇති බවයි.
ප්‍රකාශය අසත්‍ය සහ අපහාසාත්මක බව පවසමින්, ලිපිය ලැබී දින 14ක් ඇතුළත රුපියල් මිලියන 500ක වන්දිය ගෙවිය යුතු බව එන්තරවාසිය මගින් ඉල්ලා සිටී.
වන්දි ගෙවීමට අපොහොසත් වුවහොත්, රෙහාන් ජයවික්‍රම ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අසිත නිරෝෂනට තවදුරටත් අනතුරු අඟවා ඇත.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා තමාට එරෙහිව කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෙහාන් ජයවික්‍රම මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ පැවසූ සෑම වචනයක්ම අධිකරණයේදී ඔප්පු කරන ලෙසය.
“ඔබට මගේ දේශපාලනයට පහර දිය හැකියි. ඔබට මගේ වචන විකෘති කළ හැකියි. නමුත් මත්ද්‍රව්‍ය සහ පාතාලය පිළිබඳ නොසැළකිලිමත් ප්‍රකාශවලින් මගේ නමට මඩ ගහන්න එපා. මට පවුලක් තියෙනවා. මට තරුණ දරුවන් ඉන්නවා. මම කවුද සහ මම පෙනී සිටින්නේ කුමක් සඳහාද යන්න පිළිබඳ සත්‍යවාදීව සිටීමට මම මහන්සි වී වැඩ කළා. මට මන්ත්‍රීවරයාගෙන් සමාවක් අවශ්‍ය නැහැ. නමුත් මම මේක ලිස්සා යන්න ඉඩ දෙයි කියලා ඔහු හිතනවා නම්, ඔහු වැරදියි. දැන් ඔහුට ඔහු පැවසූ සෑම වචනයක්ම උසාවියේදී ඔප්පු කිරීමට සිදු වෙයි” යනුවෙන් ඔහු X සමාජ මාද්‍ය වේදිකාවේ සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart