
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවම පිරිවැය සහ තාක්ෂණික අනුකූලතාව තක්සේරු කිරීම ප්‍රමාණවත් නොවන බැවින්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මන්නාරම සහ පුනරින් මෙගාවොට් 484ක සුළං බලාගාර ප්‍රසම්පාදනය කිරීම ඉන්දියවේ අදානි සමාගම (Adani Green Energy SLtd (AGESL)) වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වාර්තා හෙළිකරයි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා වෙත යවන ලද ලිපියක් හෙළිකරන ‘සන්ඩේ ටයිම්ස්’ පවසන්නේ, විදුලිබල මණ්ඩලය සහ අදානි සමාගම අතර සම්පූර්ණ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම (PPA) වැනි මූලික තොරතුරු පවා ලබාදී නොමැති බවයි.
ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ එම බලාගාර අදානි සමාගම වෙත ප්‍රදානය කිරීමට ලංවිම මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් අවසර ඉල්ලා ඇත.
කෙසේවෙතත්, බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් කෙටුම්පතේ කාලසටහන්, ඉන්දීය රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම (MoU) සහ පසුගිය වසරේ මාර්තු මාසයේදී කැබිනට් අනුමැතියෙන් පසුව එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් අවසරය ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.
මෙහිදී කිළිනොච්චියේ සිට හබරණ දක්වා කිලෝවොට් 400ක සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමේ ප්‍රසම්පාදන විස්තර සහ ඒ ආශ්‍රිත පිරිවැය ප්‍රතිසාධන යාන්ත්‍රණය ද අතුරුදහන් වී ඇති අතර, මන්නාරමේ මෙගාවොට් 50 සුළං බලාගාරය සඳහා කැඳවූ ටෙන්ඩරය සඳහා ලැබී ඇති ලංසු වටිනාකම් පිළිබඳ තොරතුරු ද අස්ථානගතව ඇතැයි පැවසේ.
මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් නිකුත් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරුවේ (EIA) ප්‍රතිඵල සහ පාරිසරික බලපත්‍රයේ විස්තර පවා ඉදිරිපත් කර නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ ලිපියේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart