
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලියාපදිංචි රක්ෂණ සමාගම්වලින් හෝ ලියාපදිංචි නියෝජිතයන්ගෙන් පමණක් රක්ෂණ ඔප්පු මිලදී ගන්නා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇතැම් පුද්ගලයන් ගාස්තු සඳහා පාස් කාඩ්පත්/ කූපන් කාඩ්පත්/ වට්ටම් කාඩ්පත් මහජනතාවට විකිණීම හෝ ඇතැම් රක්ෂණයන් සඳහා වට්ටම් ලබාදීම පිළිබඳව තමන්ට දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එවැනි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳ IRCSL වෙත [email protected] යන ඊමේල් ලිපිනය හරහා තම ආයතනයට දැනුම්දෙන ලෙස ද කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
රක්ෂණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නීතිමය මාර්ග පිළිපදින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ලියාපදිංචි රක්ෂණ සමාගම් සහ ලියාපදිංචි රක්ෂණ තැරැව්කාර සමාගම් ලැයිස්තුව www.ircsl.gov.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකි බවත්, කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart