
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සැප්තැම්බර් මස හොඳම පිරිමි ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිඩකයන් දෙදෙනෙක් නිර්දේශ වී තිබේ.
ටෙස්ට් ලෝක වාර්තා තබා ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සම වූ කමිදු මෙන්ඩිස් සහ දඟපන්දු යවන ක්‍රිඩක ප්‍රභාත් ජයසුරිය එලෙස නිර්දේශව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් දෙදෙනා වේ.
ප්‍රභාත් ජයසුරිය මාසක කාලයක් තුළ එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරඟාවලි දෙකේදී ටෙස්ට් කඩුලු 21ක් බිදහෙළා ඇත්තේ පන්දු යැවිමේ 27.90ක සාමන්‍යයක් රදවා ගනිමිනි.
එම මාසය තුළ ඔහු ටෙස්ට් ක්‍රිකට් කඩුලු 100ට ළඟා වූ ඉතිහාසයේ වේඟවත්ම ශ්‍රී ලාංකිකයා බවට පත් වූයේ තරඟ 16 කට පසුවය.
මීට පෙර කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නකු ටෙස්ට් තරඟ 24කට අඩු සංඛ්‍යාවකදී එම කඩඉම වෙත ළඟා වී නොමැත.
කමිදු මෙන්ඩිස් මාසයක කාලය තුළ ටෙස්ට් තරඟ හතරක් ක්‍රීඩා කළ අතර, 90.20 ක,පිතිකරණ සාමන්‍යයක් රදවා ගනිමින් ලකුණු 451ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ.
එම කාලය තුළ ටෙස්ට් තරඟ 08කදි ලකුණු 50ට වැඩියෙන් රැස්කළ ලොව පළමු පිතිකරු බවටද ඔහු පත්විය.
කමිදු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසුරිය සමඟ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සැප්තැම්බර් මාස හොඳම ක්‍රිකට් ක්‍රීඩක සම්මානයට ඕස්ට්‍රේලියවේ ට්‍රැවිස් හෙඩ් නිර්දේශවී ඇත්තේ එංගලන්ත සහ ස්කොට්ලන්ත කණ්ඩායම් වලට එරෙහිව පැවති සීමිත පන්දුවාර තරඟ වලදි ආරම්භක පිතිකරුවෙකු ලෙස දැක්වු දක්ෂතා හේතුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart