August 19, 2025

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් සේවයේ යොදවා ඇති බලයලත් ආයතන දෙකක් විසින් විදේශීය ජාතිකයන් රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීම හේතුවෙන් ඔවුන්ට වීසා නිර්දේශ නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පැවසුවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ වූ සිදුවීමක් සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් මෙම අත්හිටුවීම බලපැවැත්වෙන බවයි.

විනිවිද පෙනෙන පරීක්ෂණයක් සහතික කිරීම සඳහා සවිස්තරාත්මක ලිඛිත පැහැදිලි කිරීම් සහ සහායක ලියකියවිලි ලබා දෙන ලෙස කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් එම ආයතනවලින් විධිමත් ලෙස ඉල්ලා ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සුපරීක්ෂාකාරීත්වය පිළිබඳ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම ස්තූතිය ද පළ කර තිබේ.

2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනතේ 74 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ශ්‍රී ලංකාවේ සියලුම නියාමන බලධාරීන්ගේ බලතල නවතා ඇති බව නැවත අවධාරණය කළේය.

ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා බඳවා ගැනීමට පෙර සම්පූර්ණ පසුබිම් පරීක්ෂාවන් ඇතුළු සියලු පරීක්ෂා නිසි පරිදි සිදු කරන ලෙස කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සියලුම බලයලත් ආයතනවලින් ඉල්ලා සිටියේය.

ව්‍යාපාර හිතකාමී පරිසරයක් පෝෂණය කිරීම සඳහා වන තම කැපවීම නැවත තහවුරු කරමින් එම කොමිසම සඳහන් කළේ, ජාතික අවශ්‍යතා ආරක්ෂා කරමින් සහ වෙනසක් ඇති කරන ජාතික වත්කමක් ලෙස කොළඹ වරාය නගරයේ භූමිකාව සහතික කරමින්, විශේෂ ආර්ථික කලාපය තුළ නීත්‍යානුකූල ව්‍යාපාරික කටයුතු සඳහා අඛණ්ඩව සහාය දක්වන බවයි.