
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උසස් අධ්‍යාපනයට කඩිනමින් ප්‍රවේශ වීමට හැකිවන පරිදි පාසල් වසර ගණන අඩු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය විසින් අලුතින් ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස විභාග වර්ෂ සංශෝධනය කිරීම සඳහා අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් හා අදහස් ලබාගැනීමට නියමිතව ඇත්තේ එම ඉලක්කය සපුරා ගැනීමට බව පැවැසේ.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍යාංශය මේ වනවිට සොයා බලමින් සිටින නමුත්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් එසේ තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි සඳහන් කරයි.
අමාත්‍යාංශයට අනුව, මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ශක්‍යතා අධ්‍යයනයක් පමණක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය සතියේ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරන ලද්දේ, සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීම පිළිබඳව අමාත්‍යාංශය අවධානය යොමු කරමින් සිටින බවයි.
මෙම ක්‍රියාවේදී 01-6 ශ්‍රේණි සහ 10 ශ්‍රේණි ආවරණය වන අතර, ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීයික සහ ජ්‍යෙෂ්ඨ ද්විතීයික යන කාණ්ඩ තුනක් යටතේ වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද විභාග ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ කර තිබේ.
ඒ අනුව පාසල් වසර ගණන සහ විෂය මාලාවේ බර අඩුකර නියමිත වේලාවට විභාග පැවැත්වීමට පියවර ගන්නා බව අවස්ථා කිහිපයකදී අමාත්‍යාංශය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart