
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් වංචාකාරී ලෙස ලුණු ජාවාරමක නිරත වී ඇති බව හඟවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ චෝදනා සාවද්‍ය බව රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පුත්තලම් ලුණු සංස්ථාව යන ආයතනයේ අධ්‍යක්ෂක ධුරයක් දරමින් තමන් මෙලෙස වංචාකාරී ලෙස කටයුතු කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කර ඇතැයි ආචාර්ය ලියනගේ සඳහන් කරයි.
ඔහු පවසන්නේ මන්ත්‍රීවරයා සිය කතාවේදී සඳහන් කළ ‘පුත්තලම ලුණු සංස්ථාව’ නමින් ආයතනයක් නොමැති අතර 1997දී එය පෞද්ගලීකරණය කර ‘පුත්තලම් ලුණු සමාගම’ වශයෙන් සමාගම් ආඥා පනත යටතේ වසර 28ක සිට ක්‍රියාත්මක වන සී/ස පොදු සමාගමක් බවට පත්වූ බවයි.
ඒ අනුව එම සමාගමට රජයෙන් පත් කල අධ්‍යක්ෂකවරයකු ලෙස තමන් කටයුතු නොකරන බවත් ආචාර්ය ලියනගේ සඳහන් කරයි.
මහජන බැංකුවට සහ කළුතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමයට අයත්ව තිබූ පුත්තලම් ලුණු සමාගමේ 27%ක පමණ කොටස් පෞද්ගලිකකරණයෙන් පසු තම ආයතනය මිලදී ගත් බවත් දැනට වසර 20කට ආසන්න කාලයක සිට තමා පුත්තලම ලුණු සමාගමේ රයිගම් ආයතනය නියෝජනය කරන අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන බවත් ආචාර්ය ලියනගේ අවධාරණය කරයි.
රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ලංකාවට ආනයනය කරන ලද ලුණු තොග අඩු මිලට මිලදී ගෙන ඇත්තේ රයිගම් ආයතනය විසින් බවත්, ඒවා අඩු මිලට මිලදීගෙන අසාධාරණ ලාභයක් ලැබු බවටත් කෙරෙන චෝදනා සම්බන්ධයෙන් ඔහු සඳහන් කරන්නේ රජයේ වාණිජ නීතිගත සංස්ථාව විසින් සියලුම ලුණු නිෂ්පාදකයන් වෙනුවෙන් ආනයනය කරන ලද ලුණුවලින් රජය විසින් තීරණය කරන ලද නිෂ්පාදකයකු වශයෙන් අපට අයිති කොටස පමණක් රජය විසින් තීරණය කරන ලද මිලට මිලදී ගත් බවයි.
මීට අමතරව පුත්තලම් ලුණු සමාගමේ කිසිදු නිෂ්පාදනයක් පසුගිය මාස 6ක කාලයක් තුළ රයිගම් ආයතනය විසින් හෝ එහි උප සමාගමක් විසින් හෝ මිලදීගෙන නොමැති බව ආචාර්ය ලියනගේ සඳහන් කරයි.
සිය සමාගම විසින් රු.130ට තිබූ ලුණු කිලෝ ග්‍රෑම් එකක් රු.350ක් දක්වා වැඩිකර වෙළදපොලේ අලෙවිකර අධික ලාභයක් ලබන බවට මන්ත්‍රීවරයා නගන චෝදනාව සම්බන්ධයෙන් ඔහු පවසන්නේ රු.130ක මිල ලෙස මන්ත්‍රීවරයා පටලවාගෙන ඇත්තේ සිය සමාගමේ 400gක නිෂ්පාදනයේ පැකට්ටුවක පසුගිය කාලයේ පැවති මිල විය යුතු බවටයි.
තොග සඟවාගෙන සිටින බවට නගන චෝදනා සම්බන්ධයෙන් ඔහු පවසන්නේ පුත්තලම ලුණු සමාගමේ දැනට පවතින්නේ ඉතාම සීමිත ලුණු තොගයක් බවත් අදටත් පුත්තලම ලුණු සමාගම පමණක් නොව රයිගම් ආයතනයත් හැකි උපරිම මට්ටමකින් පවතින ලුණු තොග පිරිපහදු කර වෙළදපොලට නිකුත් කරමින් සිටින බවයි.
මන්ත්‍රීවරයා කෙසේ පැවසුවත් ශ්‍රී ලංකාවේ ලුණු හිඟයට ප්‍රධාන හේතුව දැනට වසර 03ක සිට ලුණු නිෂ්පාදනය කරන ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය බවත්, ඒ හේතුවෙන් වසරින් වසර ශ්‍රී ලංකාවේ තිබු ලුණු සංචිත අවසන් වී ලුණු හිගයකට මුහුණ දෙන බවත් මෙම තත්ත්වයට පවතින හෝ පැවති රජයක්, ආයතනයක් හෝ පුද්ගලයකු වගකිව යුතු නොවන බවත් ඔහු අවධාරණය කරයි.
ඔහු සඳහන් කරන්නේ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මුජිබර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද මෙම වගකීම් විරහිත ප්‍රකාශයෙන් තමාටත් තමන් සභාපතිත්වය දරණ සමුහ ව්‍යාපාරයටත් ඍජු හා වක්‍ර වශයෙන් දැඩි බලපෑමක් ඇති කරන බවයි.
වගකිව යුතු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ලෙස මෙවන් ප්‍රකාශ සිදු කිරීමෙන් මෙරට ප්‍රථම ලුණු පිරිපහදු යන්ත්‍රාගාරය ස්ථාපිත කර ලංකාවේ ලුණු නිෂ්පාදනය වෙනම නැමියාවක් කරා රැගෙන යෑමට ආරම්භක පියවර තැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලුණු නිෂ්පාදන ආයතනයක් ලෙස තමන් මහත් අසීරුතාවකට පත් වූ බව ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කරන බවද ආචාර්ය ලියනගේ සඳහන් කර තිබේ.
මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් දේශීය ව්‍යවසායකත්වයට සහ දේශීය ආයතනවලට අහිතකර ප්‍රතිවිපාක ලැබිය හැකි බැවින් මින් ඉදිරියට මෙවන් වගකීම් විරහිත ප්‍රකශ කිරීමෙන් වැළකී සිටින ලෙස ගෞරව පුර්වකව ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart