
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද සුපිරි රැප් ගායකයකු වන කිලර් මයික් ග්‍රැමී සම්මාන උලෙළ අතරතුර ලොස් ඇන්ජලීස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
හොලිවුඩ් වාර්තාකරු ක්‍රිස් ගාර්ඩ්නර් විසින් සමාජ මාධ්‍යවල පළකරන ලද වීඩියෝවකින් පෙන්නුම් කළේ, ලොස් ඇන්ජලීස් පොලිසිය රැප් ගායකයාට මාංචු දමා රැගෙන යන ආකාරයයි.
ඒ, ඔහු ඊට ටික වේලාවකට පෙර හිප්හොප් සඳහා සංගීත ක්ෂේත්‍රයේ විශාලතම ත්‍යාග තුනක් ලබා ගැනීමෙන් පසුවය.
ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේ, සවස 4ට පමණ සම්මාන උලෙළ පැවැත්වෙන ලොස් ඇන්ජලීස් Crypto.com Arena තුළ ඇති වූ ආරවුලක් හේතුවෙන් හිප්හොප් ගායකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වාර්ෂික සම්මාන උලෙළේ ඉරිදා පැවති 66 වැනි සම්මාන රාත්‍රියේ දී සැබෑ නම මයිකල් සන්තියාගෝ රෙන්ඩර් වන කිලර් මයික් සහ ඔහුගේ සහකරුවෝ හොඳම රැප් ගීතය, හොඳම රැප් ප්‍රසංගය සහ හොඳම රැප් ඇල්බමයට හිමි ග්‍රැමී සම්මාන දිනාගත්හ.
2003 හොඳම රැප් කාර්ය සාධනය සඳහා ගෞරවයට පාත්‍රවීමෙන් පසු කිලර් මයික් හිමිකර ගත් පළමු ග්‍රැමී ජයග්‍රහණ මෙය විය.
2019 දී, ඔහු Netflix’s Trigger Warning with Killer Mike නම් කළු ප්‍රජාවට බලපාන ගැටලු විමර්ශනය කරන වාර්තා චිත්‍රපට මාලාවක් සඳහා සත්කාරකත්වය දැරීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart