
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමා රන්මල් කොඩිතුවක්කුගේ(ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක්) සහෝදරිය බව පවසමින් කළහකාරී ආකාරයෙන් පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක නොවැම්බර් 3වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.
මෙම කාන්තාව රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධාකරමින් කළහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය විය.
කෙසේවෙතත් පොලිසිය විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාව සහ ඇය පැවසූ නමින් යුතු පොලිස් නිලධාරියා අතර කිසිදු සම්බධතාවක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart