
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීණ රංගන ශිල්පිණියක සහ ගුවන් විදුලි නිවේදිකාවක වූ රම්‍යා වනිගසේකර අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
1950 ජූලි 17 වැනිදා උපත ලබා තිබූ ඇය අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියේ පසු වූවාය.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 10 වැනි ඉරිදා සවස බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත අතර එතෙක් දේහය ඒ අසල පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබේ.
ශ්‍රී ලාංකේය ගුවන් විදුලියේ නොමැකෙන සටහනක් තබා ඇති ඇය දශක දෙකකට වැඩි කාලයක් ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කර තිබේ.
රම්‍යා වනිගසේකර ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ ද එක ලෙස දස්කම් දැක්වූ නිළියකි.
ඇය සිය කලා දිවිය අරඹන්නේ 1974 වසරේ දී චන්දි ගුණතිලක විසින් නිෂ්පාදනය කරන ලද හෙවායෝ වේදිකා නාට්‍යයේ පසුබිම් ගායිකාවක ලෙසිනි.
ඉන් පසුව ඇය ජයතිස්ස අලහකෝන් විසින් නිෂ්පාදනය කරන ලද වේදිකා නාට්‍ය රැසක පසුබිම් ගායිකාව වූවාය.[
1976 දී ඇය මුලින්ම රංගනයට එක්වන්නේ රංජිත් ධර්මකීර්තිගේ ‘හස්තිරාජ මහත්තයා’ නාට්‍යයේ සුළු චරිතයකට පණ පොවමිනි.
1978 දී චූලා කාරියවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මන රංජන වෙද වර්ජන’ නාට්‍යයේ “ගුණවතී” චරිතය ඇය වේදිකා නාට්‍යයේ පෙරළියක් ඇති කළ චරිතය බවට හැඳින්විය හැකිය.
ආර්. ආර්. සමරකෝන් විසින් නිෂ්පාදන කළ කැලණි පාලමේ “මැටිල්ඩා” චරිතය රඟ දැක්වූ ප්‍රවීණ නිළි චන්ද්‍රා කළුආරච්චි එවක ගැබිනියක්ව සිටීම නිසා එම චරිතය ඇයට හිමිවීමද රම්‍යා වනිගසේකර ලැබූ භාග්‍යයකි.
පසු කාලීනව ඇය සිය ජීවන සහකරු ලෙස තෝරාගෙන තිබුණේ ද ආර්. ආර්. සමරකෝන්ය.
රම්‍යා වනිගසේකර මෙරට ගුවන්විදුලිය සමග සම්බන්ධ වන්නේ 1980 දී තක්ෂිලාව වැඩසටහන මෙහෙයවීම ඔස්සේය.
1981 සිට ඇය 2006 විශ්‍රාම යන තෙක්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිත්‍ය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළාය.
අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කෙරෙන දිනය පසුව දැනුම්දීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart