
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහ කන්නයේ ලුණු අස්වැන්න නෙළන නිසා ඉදිරියේදී වෙළඳපොළේ ලුණු මිල තවත් අඩුවනු ඇතැයි සීමාසහිත රයිගම් සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ මෙන්ම ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ ඊයේ (30දා) පැවැසීය.
ලුණුවලට මෙරට පාලන මිලක් නැතැයි ද ඔහු කීය.
ලුණු බහාලුම් 06ක් අනීතිකව වරායෙන් පිටකළ බවට තම ආයතනයට චෝදනා එල්ල වන අතර, එය නිසි අධ්‍යයනයකින් තොරව සිදුකරන ප්‍රකාශයක් බව පැවැසීය.
තම ආයතනය ලුණු කන්ටේනර් 06ක් නොව කන්ටේනර් 171ක් ආනයනය කළ බව ඊයේ (30දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කළේය.
රට තුළ ලුණු මාෆියාවක් පවත්වාගෙන යන බවට තම ආයතනයට චෝදනා කළත්, සත්‍ය ලෙසම පාරිභෝගික අධිකාරියේ නීති උල්ලංඝනය කරමින් ආනයනික ලුණු වෙළෙඳපොළේ අලෙවි කෙරෙන මාෆියාවක් පවතින බව ද හෙතෙම කීය.
එවැනි ලුණු වෙළෙඳපොළෙන් ඉවත්කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වගකීමක් බව ද හෙතෙම පැවැසීය.
රටේ වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,85,000ක් පමණ බවත් ඉන් වැඩි කාර්යභාරයක් රාජ්‍ය සංස්ථා මගින් සිදුකරන බවත් හෙතෙම පැවැසීය.
රයිගම් ආයතනය ලුණුවලට අගය එකතු කර මෙට්‍රික් ටොන් 50,000ක් 60,000ක් වෙළෙඳපොළට නිකුත් කරන බවත් හෙතෙම කීය.
නිසි කරුණු කාරණා වටහා නොගෙන ලුණූ කිලෝවක් රුපියල් 80ක් වැනි මිලකට අලෙවි කළ හැකි බව පවසන නමුත්, ඒ ආකාරයෙන් වරායෙන් ගොඩබා එම ස්ථානයේම අලෙවි කරන්නේ නම් එය සිදුකළ හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.
ආනයනික ලුණු ප්‍රවාහනය, ඇසුරුම් කිරීම, සේවක වැටුප්, විදුලි, ජල බිල්පත් ඇතුළු අගයන් එකතු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේදී වැට්, සමාජ ආරක්ෂණ බද්ද වැනි තවත් සියයට 20ක පමණ අගයක් එකතු කර රුපියල් 80 කට ලබාදිය හැකි ද යන්න එම චෝදනා කරන පිරිස් නැවත අධ්‍යයනය කරන ලෙස අමරසිංහ ඉල්ලා සිටියේය.
ආනයනික ලුණු සඳහා රුපියල් 40ක වෙළෙඳ භාණ්ඩ බද්දක් ද අයකරන බව හෙතෙම පෙන්වාදුන්නේය.
රයිගම් ආයතනයෙන් රටට ගෙන්වූ ලුණු කන්ටේනර් 271 සඳහා වරාය ගාස්තු සහ ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 510ක් ගෙවා ඇති බවත්, එම වැයවූ මුදල් ද ලුණු අලෙවියේ දී පියවා ගැනීමට සිදුවන බවත් ඔහු කීය.
මෙරට වෙළෙඳපොළේ ලුණු සඳහා පාලන මිලක් නොමැති බවත්, පාරිභෝගික කටයුතු අධිකාරිය සමග ලුණු නිෂ්පාදකයන් සාකච්ඡාවක් පවත්වා ලුණු කුඩු කිලෝවක් රුපියල් 240කටත්, කැට ලුණු කිලෝවක් රුපියල් 180කටත් අලෙවි කිරීමට එකඟ වූ බවත්, එම මිලටත් වඩා යම් මිල අඩු කිරීමක් සිදුකර රයිගම් ආයතනය ලුණු අලෙවි කරන බවත් ඔහු කීය.
වෙළෙඳපොළේ පසුගිය කාලයේ ලුණු මිල ඉහළ යෑමට හේතුව යල මහ කන්නවල ලුණු නිෂ්පාදනය වර්ෂාව හේතුවෙන් සිදුකළ නොහැකි වීම බවත්, මිල ඉහළ යෑමට පෙර එම අවදානම තේරුම් ගත් ලුණු නිෂ්පාදකයන් කල්වේලා ඇතිව ලුණු ආනයනය කළ යුතු බවට නිලධාරීන්ට ලිපි මගින් දැනුවත් කළද ඔවුන් එම ලිපිවලට නිසි අවධානයක් යොමුනොකළ බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart