
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාව න්‍යෂ්ටික යුද්ධයකට තාක්ෂණික වශයෙන් සූදානම් බවත්, එක්සත් ජනපදය යුක්‍රේනයට හමුදා එවන්නේ නම් එය ගැටුමේ සැළකිව යුතු තීව්‍රවීමක් ලෙස සළකනු ඇති බවත් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ බටහිරට අනතුරු ඇඟවීය.
මාර්තු 15-17 මැතිවරණයකට දින කිහිපයකට පෙර කතාකරමින් පුටින්, ඔහුට තවත් වසර හයක් බලය ලබාදෙනු ඇතැයි නිසැක බවත්, න්‍යෂ්ටික යුද වාතාවරණය ‘ඉක්මන්’ නොවන බවත්, යුක්‍රේනයේ න්‍යෂ්ටික අවි භාවිතයේ අවශ්‍යතාවයක් තමා නොදකින බවත් පැවැසීය.
“මිලිටරි-තාක්ෂණික දෘෂ්ටි කෝණයකින් අපි ඇත්ත වශයෙන්ම සූදානම්” 71 හැවිරිදි පුටින්, Rossiya-1 රූපවාහිනිය සහ RIA ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ රට සැබවින්ම න්‍යෂ්ටික යුද්ධයකට සූදානම්ද යන ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
රුසියානු භූමියට හෝ යුක්රේනයට ඇමරිකානු හමුදා යෙදවන්නේ නම්, රුසියාව එම පියවර මැදිහත්වීමක් ලෙස සලකන බව එක්සත් ජනපදය තේරුම් ගෙන ඇති බව පුටින් සඳහන් කළේය.
යුක්රේනය සම්බන්ධයෙන් බරපතල සාකච්ඡා සඳහා පුටින් සූදානම් නැති බව මේ අතර එක්සත් ජනපදය පවසයි.
යුක්රේනයේ යුද්ධය 1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසු බටහිර සමඟ රුසියාවේ සබඳතාවල ගැඹුරුම අර්බුදය අවුලුවා ඇති අතර, යුක්රේනයට සටන් කිරීමට හමුදා යැවුවහොත් න්‍යෂ්ටික යුද්ධයක් අවුළුවාලීමේ අවදානමක් ඇති බවට පුටින් කිහිපවතාවක්ම අනතුරු ඇඟවීය.
එක් පැත්තකින් යුක්රේන හමුදා හා අනෙක් පැත්තෙන් රුසියානු හිතවාදී යුක්රේනියානුවන් සහ රුසියානු ප්‍රොක්සිවරුන් අතර නැගෙනහිර යුක්රේනයේ වසර අටක ගැටුමකින් පසු, පුටින් විසින් 2022 පෙබරවාරි මාසයේදී දස දහස් ගණනක් හමුදා යුක්රේනයට යවන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart