
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියාවේ ප්‍රධාන සත්වෝද්‍යානයට සිංහයකු සහ දුඹුරු වලසුන් දෙදෙනෙකු ඇතුළු සතුන් 70 කට වැඩි ප්‍රමාණයක් තෑගිකර තිබේ.
අන්තර්ජාතික දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ මෙය රුසියාව සහ උතුරු කොරියාව අතර වර්ධනය වන සබඳතා පෙන්නුම් කෙරෙන කදිම උදාහරණයක් බවයි.
රුසියාවේ පරිසර අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කොස්ලොව් විසින් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් උතුරු කොරියානු අගනුවරට සතුන් රැගෙන ආ බව කොස්ලොව්ගේ කාර්යාලය නිල ටෙලිග්‍රාම් නාලිකාවේ ප්‍රකාශ කළේය.
මොස්කව් සිට පියොන්ගනය වෙත ගෙන ආ සතුන් අතර යැක් ගවයන් දෙදෙනෙකු, කොකටුවන් පස්දෙනකු, කුකුළන්ට සමාන පක්ෂීන් 12 දෙනකු මෙන්ම මැන්ඩරින් තාරාවන් ද ඇතුළත් වූ බව කොස්ලොව්ගේ කාර්යාලය පවසයි.
යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදාවේ සහායට යුද භූමිය වෙත උතුරු කොරියාව දහස් ගණනක් හමුදා එවූ බවට අමෙරිකාව සහ දකුණු කොරියාව හෙළිදරව් කිරීමෙන් සති කිහිපයකට පසුව රුසියාව මෙම ත්‍යාග පිරිනැමීම විශේෂත්වයකි.
ත්‍යාග රැගෙන ගිය රුසියානු පරිසර අමාත්‍යවරයා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවූ බව ද පැවැසේ.
මෑත කාලයේදී රුසියාව උතුරු කොරියාවට සතුන් ත්‍යාග කළ පළමු අවස්ථාව මෙය නොවේ.
මේ වසර මුලදී, පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පිරිසිදු අභිජනන අශ්වයන් 24 ක් තෑගි කළ අතර, ඒ උතුරු කොරියාව විසින් සපයන ලද කාලතුවක්කු උණ්ඩවලට ස්තූතිය පිරිනැමීමක් ලෙසය.
රටවල් දෙකම බටහිරින් සම්බාධකවලට මුහුණදෙන හෙයින් මෑත මාසවලදී පුටින් සහ කිම් ඔවුන්ගේ සන්ධානය ශක්තිමත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart