October 19, 2025

මැතිවරණ කොමිසමේ නිල නිවේදනයට පෙර, ඉදිරි පළාත් සභා මැතිවරණවලට මුහුණදීම සඳහා නිර්මාණය කළ හැකි සන්ධාන පිළිබඳව දෙමළ දේශපාලන පක්ෂ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත.

පසුගියදා නිමාවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරවලදී සහ අනෙකුත් පක්ෂ සමඟ දේශපාලනික වශයෙන් පැවැති සකච්ඡා වලදී, පළාත් සභා මැතිවරණය ලබන වසරේ ‘ඉක්මණින්’ පවත්වන බව රජය පෙන්වාදුන්නේය.

ජාතික ජන බලවේගය දෙමළ ජාතිකවාදී ඡන්ද බැංකුවට පසුගිය මැතිවරණවලදී යම් ආක්‍රමණයක් සිදුකළ අතර, ඉන් ඉගෙන ගත් කටුක පාඩම් සමඟ, උතුරේ පක්ෂවල ප්‍රධාන අභිප්‍රාය වන්නේ දේශීය පක්ෂවලට දෙමළ ඡන්ද උපරිම ලෙස ආපසු ලබාගැනීම සහතික කිරීමයි.

මේ අතර, පළාත් පාලන මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ද ප්‍රවණතාවයේ සුළු පසුබෑමක් ඇතිවිය.

දැන් මෙම නව උත්සාහයට නායකත්වය දෙන්නේ අන් කිසිවෙකු නොව, වරක් ඒකාබද්ධ කරන ලද උතුරු-නැගෙනහිර පළාත් සභාවේ එක්වරක් මහඇමති වූ ඒ. වරධරාජා පෙරුමාල් ය.

ගැටුම් සමයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ මරණ තර්ජන හේතුවෙන් ඔහුට ඉන්දියාවට පළායෑමට සිදුවිය.

පසුගිය බදාදා, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට නායකත්වය දෙන, හිටපු දෙමළ ජාතික සන්ධානයෙන් (TNA) කැඩීගිය පක්ෂවලින් සමන්විත, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය යටතේ සිටින දෙමළ පක්ෂ කණ්ඩායමක්, ඉදිරි මැතිවරණයට සහාය දැක්වීම සඳහා රැස්වූහ.

පළාත් සභා ක්‍රමය හෙළා දුටු තවත් ජාතිකවාදී පක්ෂයක් වන සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය (ACTC), 13 වැනි සංශෝධනයට එරෙහි සිය ස්ථාවරය පවත්වා ගනිමින් සන්ධානය තුළ සහජීවනයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සළකා බලමින් සිටින බව වාර්තා වේ.