
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වහාම ක්‍රියාත්මකවන පරිදි මිහින්තලය පූජා භූමියට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස ඉල්ලා මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව මල්වතු මහාවිහාරයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහාවිහාරයේ අතිපූජ්‍ය වරකාගොඩ ධම්බසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන හිමියන් මෙසේ ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇත.
එමෙන්ම එම පූජා භූමිය තුළ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සඳහා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම අඛණ්ඩව සිදු කළ යුතු බවටත් එම ලිපිය මඟින් උන්වහන්සේලා අවධාරණය කරති.
දැවැන්ත භූමි භාගයක් පුරා විසිරී ඇති ආරාම සංකීර්ණ, ශීලා ලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක නටබුන් සුරක්‍ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා පොලිසියේ නිසි මැදිහත්වීම නිරන්තරයෙන් ලබාදිය යුතු බව මහනායක හිමිවරුන් එහි සඳහන් කර තිබේ.
මෙම පුණ්‍යභූමිය මතු පරපුර උදෙසා දායාද කිරීමට ජනාධිවරයා ඇතුළු සියලු වගකිවයුතු අංශ කටයුතු කළ යුතු බවත්, සිය යුතුකම් හා වගකීම් පිළිබඳ මනා අවබෝධයකින් මිහින්තලා පුද බිමේ රක්ෂාව හා සංවර්ධනය උදෙසා සියලු පාර්ශ්වයන් කටයුතු කළ බවත්, මහනායක හිමිවරුන් එම ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart