
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසන්නේ, ඉදිරි සතිය තුළ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ජුනි හෝ ජූලි මාසවල විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට සිදුවුවහොත්, මැයි මාසයේදී අදාළ යෝජනා කොමිසමට ඉදිරිපත් කළ යුතු බව කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් ප්‍රකාශ කරයි.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලැබුණු පසු, කොමිසම ඒවා අධ්‍යයනය කර, සති තුන සිට හය දක්වා කාලයක් තුළ එහි තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මෙම කාලපරිච්ෙඡ්දය තුළ, යෝජිත සංශෝධන සම්බන්ධයෙන් මහජන අදහස් ද කැඳවනු ලැබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව, ගාස්තු වෙනස්කම් සිදුකරන බව රජය නිවේදනය කළේය.
කෙසේවෙතත්, මේ වන විට, ලංවිම විසින් අවශ්‍ය යෝජනා තවමත් කොමිසම වෙත ඉදිරිපත් කර නොමැත.
මෙම වසරේ පළමු ගාස්තු සංශෝධනය ජනවාරි 17 වැනි දින සිදු වූ අතර, එහිදී කොමිසම විසින් ගාස්තු 20% කින් අඩුකිරීමට තීරණය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart