
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිදූ අවබෝධයක් නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.
ඊයේ ( 27) “අද දෙරණ BIG FOCUS” වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව පවසා සඳහන් කළේය.
ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ, එදිනෙදා ආර්ථිකයේ පැනනඟින ගැටළු සම්බන්ධයෙන් විවිධ විසඳුම් ලබාදීමේ ක්‍රියාවලියක් පමණක් වත්මන් ආණ්ඩුව හරහා දැනට දක්නට ලැබෙන බවයි.
“අපි දකින්නේ නැහැ ඇත්තටම මොකක්ද රජයේ ආර්ථික වැඩපිළිවෙල කියන කාරණාව. අපි දකින්නේ නැහැ ඊට අඳාලව කටයුතු කෙරෙනවා. දැනට අපි දකින්නේ මූලික වශයෙන්ම අර එදිනෙදා තියන ආර්ථිකයේ පැනනඟින ගැටළු සම්බන්ධයෙන් විවිධ විසඳුම් ලබා දීමේ ක්‍රියාවලියක්. මොක ද ආර්ථිකය ඉදිරියට අරගෙන යෑම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ ඉදිරියට යන බවක් පේන්නත් නැහැ. ඉතින් මේ තුළ මම හිතන්නේ මම කල්පනා කරන ආකාරයට අපි ප්‍රමාදයි. ”
“ඒ කියන්නේ දැන් රජයේ ආර්ථික දර්ශනය පිළිබඳව අපිට පැහැදිළි චිත්‍රයක් නැහැ.”
“අපිට විතරක් නෙවෙයි මම හිතන්නේ ආයෝජකයන්ටත් චිත්‍රයක් නැහැ පැහැදිළිව.ඒකට ප්‍රධානම හේතුව තමයි. දැන් මෙහෙමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේක සඳහන් කරා. ඇත්තටම ඔවුන් පවත්තවපු මාධ්‍ය සාකච්ඡාවෙදි ඔවුන් පැහැදිලිව කිව්ව දෙයක් තමයි ආර්ථික ස්ථායීකරණය කියන කොටස දැන් නිමා වෙමින් පවතින්නේ. නැත්තන් දැන් ඒක නිමා වෙලා තියෙන්නේ. එහෙමනම් මෙතන ඉදලා ඔවුන් කිව්වේ අපි අවධානය යොමු කරන්න ඕන ආර්ථික වර්ධනය පැත්තට. එතකොට ආර්ථික වර්ධනය ලඟා කර ගැනීමට අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යායුතු වෙනවා. පසුගිය රජය අර ආර්ථික ස්ථායීකරණයට අමතරව ආර්ථික වර්ධනයට අවශ්‍ය වන්නා වූ ඒ ප්‍රතිසංස්කරණත් ඉදිරියට ගෙන එමින් පැවතියා නමුත් මේ රජය අපි දක්න්නේ නැහැ තවම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart