
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන මෙරට 49 වැනි අගවිනිසුරුවරයා ලෙස අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.
මෙම පත්වීම සනිටුහන් කිරීම සඳහා උත්සවාකාරයෙන් පැවැත්වෙන රැස්වීමක් බ්‍රහස්පතින්දා (31) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්වේ.
විනිසුරු සූරසේන ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට පෙර 1985 දී විද්‍යාවේදී උපාධියක් ලබා ගෙන තිබේ.
ඔහු 1989 දී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් අතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයකු ලෙස නීති වෘත්තිය ආරම්භ කළේය.
2007 දී ඔහු මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරන ලද අතර 2016 ජනවාරි 20 වැනි දින අභියාචනාධිකරණයට උසස් කරන ලදී.
ඔහු 2019 ජනවාරි 9 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වන තෙක් අභියාචනාධිකරණයේ සභාපති ලෙස සේවය කළේය.
විනිසුරු සුරසේන සිය අධිකරණ ජීවිතය තුළ ඉහළ පෙළේ නඩු කිහිපයකටම නායකත්වය දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart