
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඌරු මස් ව්‍යංජනයක් අඩංගු බත් පාර්සලයක් අනුභව කළ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව ප්‍රකාශයට පත්කර තිබේ.
ආරංචි මාර්ග වලට අනුව අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් රැඳවියන්ගේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කර ඇත.
කෙසේවෙතත් මියගිය රැඳවියන්ගේ සිරුරු ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
මියගිය රැඳවියන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත රඳවා සිටි පුද්ගලයන් වන අතර, ඔවුන් ඥාතීන් විසින් රැගෙන ආ බත් පාර්සලය ආහාරයට ගත් ආසන්න වශයෙන් 15 දෙනෙකුගෙන් යුත් රැඳවියන් පිරිසකට අයත් බව පැවසේ.
එම පිරිස අතර සිටි තිදෙනකු ආහාර විෂවීමක් සිදුව ඇති බවට මතුවූ සැක හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් අනතුරුව ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගිය අතර තවත් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි.
මැයි 7 වැනිදා මරණ පරීක්‍ෂණ පැවැත්වුවද මරණයට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart