October 21, 2025

පාසල් සඳහා පෙළපොත් මුද්‍රණය කිරීම නතර කර නොමැති අතර, රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඇතැම් ශ්‍රේණිවල වෙනස්කම් සිදුකර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසන්නේ, ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2–5 සහ 7–11 ශ්‍රේණි සඳහා පෙළපොත් ලබාදෙන බවයි.

කෙසේවෙතත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 01 සහ 06 ශ්‍රේණි සඳහා පෙළපොත් ලබානොදෙන බවත්, ඒ වෙනුවට ඒවා සරල කළ මොඩියුල ද්‍රව්‍ය සමඟ ලබාදෙන බවත් ඔහු තවදුරටත් පවසයි.

එසේම ගුරු අත්පොත් මුද්‍රණය නතරකර නොමැති බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතා අනුව මුද්‍රණය කරන බවත් නාලක කළුවැව පැහැදිලි කරයි.

02-05 ශ්‍රේණි, 07-11 ශ්‍රේණි සහ 01 සහ 06 ශ්‍රේණි සඳහා වන මොඩියුල ද්‍රව්‍ය මුද්‍රණය කිරීම ආරම්භ කර ඇති බවත්, නොවැම්බර් 15 වන විට මුද්‍රණ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කරයි.

දෙසැම්බර් 31 ට පෙර දිවයින පුරා පාසල්වලට බෙදා හැරීම අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.