
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නායයෑම් අවදානම සහ ප්‍රදේශ කිහිපයක ජනතාව සහ පාසල් වෙනත් ස්ථානවලට ගෙන යෑමේ අවශ්‍යතාව නිසා දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් රට සම්පූර්ණයෙන්ම නැවත ගොඩනැගීමට අවම වශයෙන් වසර දෙකක්වත් ගතවනු ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
නිතිපතා ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් නායයෑම් අවදානම් ඇතිවන බවත්, යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් එමගින් සැළකිව යුතු ලෙස සංකීර්ණ කරන බවත් ඇය සඳහන් කළාය.
“මෙම සාධක අනිවාර්යයෙන්ම නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය දීර්ඝ කරනවා. මේ නිසා එම කටයුතුවලට අවම වශයෙන් වසර දෙකක්වත් ගත වෙන්න පුළුවන්,” අගමැතිනිය පැවසුවාය.
විපක්ෂ මන්ත්‍රී රවුෆ් හකීම් විසින් මතු කරන ලද ගැටළුවලට ප්‍රතිචාර දක්වමින්, ඇතැම් පාසල් වෙනත් ස්ථානවලට ගෙන යෑමට සිදුවිය හැකි බව අග්‍රාමාත්‍යරිය තහවුරු කළාය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු වසා දැමූ පාසල් 1,362න් 666ක් තවමත් යළි විවෘත කර නොමැති බව ඇය හෙළි කළාය.
මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල උසස් අධ්‍යාපන ආයතන රැසකට විශාල හානියක් සිදුවී ඇති බව ඇය තවදුරටත් පැවසුවාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වඩාත්ම බලපෑම් එල්ල වී ඇති අතර, එහි පරිගණක රසායනාගාර, පශු වෛද්‍ය ඒකකය, නේවාසිකාගාර සහ පිහිනුම් තටාකයට සුළි කුණාටුවෙන් හානි වී ඇත.
අග්‍රාමාත්‍යවරිය හෙළි කළේ, ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපති දිවංගත ශ්‍රීමත් අයිවර් ජෙනිංස් විසින් නිර්මාණය කර ඉදිකරන ලද ගොඩනැගිලිවලට කිසිදු හානියක් සිදු නොවූ බවයි.
“මෙම ගොඩනැගිලිවලට ජලය අඟලක්වත් ඇතුළු වෙලා නැහැ. හේතුව විද්‍යාත්මක සැලසුම් කිරීමයි. මෙය වැදගත් පාඩමක්. විද්‍යාත්මක චින්තනයෙන් මෙහෙයවනු ලබන ආරක්ෂිත ස්ථානවල ගොඩනැගිලි ඉදි කරන්න ඕනේ,” ඇය පැවසුවාය.
විපක්ෂයේ සහයෝගය රජය අගය කරන අතරම, දූෂණ චෝදනාවලට මුහුණ දෙන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට නොහැකි බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart