August 6, 2025

2025 වසරේ මේ දක්වා අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් 63 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසුවාය.

මෙයට රාජ්‍ය සේවකයන් 28 දෙනකු ද ඇතුළත් බව ඇය අනාවරණය කළාය.

2024 දී ද පුද්ගලයන් 86ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඇය පැවසුවාය.

2024 දී දේශපාලනඥයන් හත්දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වසරේ මේ දක්වා දේශපාලනඥයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.