
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත්, ශාස්ත්‍රීය සහ වෘත්තීය යන දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට අවස්ථාව හිමිවන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඇය එම අදහස් පළ කළේ යාපනය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ පැවති උතුරු පළාත් විද්වත් වෘත්තීකයන්ගේ හමුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, සාම්ප්‍රදායික් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශ්‍රාස්ත්‍රිය සහ වෘත්තීය යන දෙඅංශයෙන්ම දරුවන්න උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් අවස්ථාව හිමිවන බවයි.
ඉතිහාසය හා ආගම සහ සෞන්දර්යය විෂයන් යෝජිත ප්‍රතිසංස්කරණ මගින් විෂය මාලාවෙන් ඉවත්කර ඇති බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බවත්, එම ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බවත්, ඉතිහාසය, සෛෟන්දර්ය හෝ ආගම යන විෂයන් කිසිම ලෙසකින් විෂය මාලාවෙන් ඉවත්කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ශිෂ්‍ය ප්‍රජාව මත බර පටවන අධ්‍යාපනයක් වෙනුවට දරුවන්ට පීඩාවකින් තොරව ඉගෙනගැනීමටත්, කැමැති විෂයන් වැඩිදුරටත් ඉගෙනගනිමින් තම ජීවන වෘත්තීය තෝරාගැනීමටත් නිසි මගපෙන්වීමක් කරන බව ද ඇය පැවසුවාය.
එමෙන්ම අග්‍රාමාත්‍යවරිය පෙන්වාදුන්නේ, වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළට ගෙනවිත් ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍ර දෙකෙන් තමන්ට වඩාත් ගැළපෙන ක්ෂේත්රය තෝරාගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව හිමිවන බවයි.
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වනවිටත් සාදා නිම කළ අවසන් ප්‍රතිසංස්කරණය නොවන බවත්, විෂය ප්‍රවීණයන්,ගුරුවරුන් දෙමව්පියන් සහ සමාජයෙන් එන සාධනීය යෝජනා සහ චෝදනා සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය දේ උකහාගනිමින් අනවශ්‍ය දේ බැහැරකරමින් ඉදිරියට පියවරෙන් පියවර ඉදිරියට සිදු කරන්නට නියමිත ප්රතිසංස්කරණයක් බවත් අග්‍රාමාත්‍යතුමිය පෙන්වාදුන්නාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart