
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිළිඳුකම, මන්දපෝෂණය , සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස හඳුනාගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දරුවන්ගේ මනෝ සමාජීය සංවර්ධනයට බාධා කරන මිත්‍යාව, අවිද්‍යාව, ත්‍රස්තවාදය මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන්ගෙන් වත්මන් ළමා පරපුර මුදාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණ බවයි.
කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන්ද නිරෝගී සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මඟින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු සුහුරු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව තම රජය විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වාභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය ප්‍රමුඛ කාර්යය සේ සළකා ඉටුකිරීමට කැපවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart